තක්කාලි මිල මෙච්චර අඩුවෙයි කියලා හීනෙකින්ව හිතුවද?

Tomato Vegetables Vegetables Price
By Gagana Apr 18, 2024 08:41 AM GMT
Report

ඊයේ (17 වැනිදා) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 15 ක් දක්වා පහත වැටී තිබුණි.

දඹුල්ලේ තක්කාලි කිලෝවක් රුපියල් 15ක් දක්වා පහත බැස තිබුණද, පිටකොටුව එළවළු වෙළෙඳපොළේ ඊයේ (17 ) තක්කාලි කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 100ත් 150ත් අතර සිල්ලර මිලකට ය.

කැකිරි සහ පිපිඤ්ඤා කිලෝවක තොග මිල රුපියල් 20ක් දක්වාද, වැටකොළු කිලෝවක තොග මිල රුපියල් 40 ක් දක්වාද, බණ්ඩක්කා, මෑකරල්, පොළොස් සහ පතෝල කිලෝවක තොග මිල රුපියල් 50ක් දක්වාද, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 40ක් දක්වාද, රාබු කිලෝවක තොග මිල රුපියල් 35ක් දක්වාද පහත වැටී තිබුණි.

මෙලෙස , මිල ගණන් අඩු වීමට හේතු වී ඇත්තේ , දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් එළවළු රැගෙන පැමිණියත් , එළවළු මිලදී ගැනීමට වෙළෙඳුන් නොපැමිණීම හේතුවෙන්.

............................................................

May you Like