දරුවන් සහ ගැබිණි මව්වරුන් අවදානමේ.. වෛද්‍යවරුන් අනතුරු අගවයි

World Health Organization Ministry of Health Sri Lanka Healthy Food Recipes Office of Public Health Public Health Inspector
By Sithumini Jul 19, 2024 04:53 AM GMT
Report


. පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

මේ වනවිට නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 20ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවී තිබෙනවා

කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය මහතා මේ බව සදහන් කළා.

දියවැඩියාව රෝගයේ, රෝග ලක්ෂණ සහ ඉන් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය මහතා කියා සිටියේ,

"අපි සෑම දෙනාම දියවැඩියාවට ගොදුරු නොවී ජීවත්වීමට උත්සාහ ගත යුතුයි. ඒ වෙනුවෙන් පැයක් හෝ පැය භාගයක් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයයි. අධික සීනි සහිත ආහාර අඩු කරලා වැඩි වශයෙන් එළවලු, මස්, මාළු සහිත ආහාර වෙලකට යොමු වීමෙන් සහ තමාගේ උසට සරිලන බර පවත්වා ගැනීමෙන් දියවැඩියාවෙන් තෙරව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට පුළුවන්."

"පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව තිබෙනවා නම්, අධික රුධිර පීඩනය, කොලෙස්ට්‍රරෝල් නමැති රෝගී තත්ත්වය තිබෙනවා නම්, බෙල්ල ප්‍රදේශයේ කළු පැහැ ගැන්වීමක් වගේ දකින්න තිබෙනවා නම්, මුහුණ ප්‍රදේශයේ කෙස් වැවීම වැනි තත්ත්වයන් තිබෙනවා නම් එවැනි අවස්ථාවලදී දියවැඩියාව තිබේදැයි දැන ගැනීම සඳහා පරීක්ෂා කරගැනීම වැදගත්." බවයි.

දියවැඩියාව පාලනය කර ගැනීම කළ හැකි වන්නේ කුමන ආහාර වලින්ද?

චොකලට් 


චොකලට්වල ඉන්සියුලින් ප්‍රතිරෝධන වේගය අඩු කරන flannels අඩංගු වේ. කළු චොකලට් සහ සීනි රහිත චොක්ලට් ආහාරයට ගැනීම වඩා‍ත් සුදුසු ය. චොක්ලට් ලේ වලට සීනි අවශෝෂණය කරගැනීමේ වේගය අඩු කිරීම ද මෙහි අතුරු ප්‍රතිලාභයකි.

කෝපි


දිනකට කෝපී කෝප්පයක් පානය කිරීමෙන් 7% කින් දියවැඩියාව අවදානම අඩු කරගත හැකි බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ.

සෝයා බෝංචි


සෝයා බෝංචි හා ටෝෆු වැනි ආහාරවල ප්‍රෝටීන් ඉහළ ප්‍රමාණයක් අඩංගු වේ.මස්වල ද ප්‍රෝටීන් ඉහළ ප්‍රමාණයක් අඩංගු වුවද එහි සංතෘප්ත මේදය වැඩි නිසා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කිරීමට වඩාත් සුදුසු ආහාරයකි.

Quinoa


දියවැඩියා රෝගීන්ට ඇතැම් විට සහල්, තිරිඟු වැනි ධාන්‍ය අත් හැරීමට සිදු වේ.Quinoa ඊට හොඳ විකල්පක්. එය දකුණු ඇමරිකානු ධාන්‍ය වර්ගයකි. එහි ප්‍රෝටීන් ඉහළ පුමාණයක් අඩංගු වේ. එහි තවත් ප්‍රතිලාභයක් වන්නේ එයින් ආහාර ජීර්ණ වේගය අඩු කරන බැවින් එයින් රුධිරයේ සීනී මට්ටම ඉහළ යාම වළකී

Oat meal


ඔට් නමැති ධාන්‍ය වර්ගය තවත් කෙඳි සහිත ආහාරයකි. එහි කැලරි අඩු මට්ටමක පවතී. දියවැඩියා රෝගීන් අඩුකළ යුතු බොහෝ ආහාර වෙනුවට ඔට් ආහාරය පෝෂ්‍යදායී ආහාරයකි.

ධාන්‍ය
ධාන්‍යවල තන්තු, ඔමෙගා 3s, විටමින් E, ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමක පවතී. Green Tea
හරිත තේ flavanoid සමග සටන් කරනු ලැබේ. Kale
Kale නවීණ උණුසුම් ආහාරයකි. එය ඉතා පෝෂ්‍යදායී හා රසවත්ය.

Kaleවල ප්‍රතිඔක්සිකාරක සුදුළූණු
තරමක් සැර රෝස පැහැති දිගු සුදුළූණු අතිශයින් සෞඛ්ය සම්පන්න ආහාරයකි. සුදුළූණුවලට, කො‍ලොස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාව පවතී.

Flaxseed
ඔමේගා 3 මේද අම්ල බවට පරිවර්තනය වන ඇල්ෆා-linolenic අම්ලය මෙහි අඩංගු වේ. Flaxseed ද හොඳ ප්‍රතිඔක්සිකාරක හා lignans මූලාශ්‍රයකි.