පොලිස් නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු අතර ගුටිබැට හුවමාරුවක් - ඉන්ධන පිරවුම්හලක් උණුසුම් වෙයි..(CCTV VIDEO)
By Sithumi
වරකාපොල – දුම්මලදෙණිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා. ඉන්ධන පිරවුම්හලේ රාජකාරියේ යෙදී සිටියදී පොලිස් නිලධාරියා සහ ලුතිනන් කර්නල්වරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව ලුතිනන් කර්නල්වරයා පොලිස් නිලධාරියාට පහරදෙන අයුරු ඉන්ධන පිරවුම්හලේ CCTV කැමරාවේ සටහන් වූ වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් ලුතිනන් කර්නල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |