ධම්මික පෙරේරාගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නවතම තීරණය..!

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Dhammika Perera
By Sithumi Jun 21, 2022 10:52 AM GMT
Report

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (21) ප්‍රතික්ෂේප කරන ලදී.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරා මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් එක් රිට් අයදුම්පතක් සහ මූලික අයිතිවාසිකම් අයදුම්පත් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.

තමාගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් නොදෙන බවට ව්‍යාපාරික ධම්මික පෙරේරා සඳුදා (20) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.

තමාගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සඳුදා (20) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම පොරොන්දුව දුන්නේය.

ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ මෙම පොරොන්දුව ලබා දී ඇත.

FR අයදුම්පත් අඟහරුවාදා (21) සලකා බැලීමට නියමිතය. ව්‍යාපාරික චන්ද්‍රා ජයරත්න, මාධ්‍යවේදී රෝයෙල් රේමන්ඩ්, මධ්‍යස්ථාන ප්‍රතිපත්ති විකල්ප යන අය මෙම අයදුම්පත් ගොනු කළ පාර්ශ්ව අතර වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now