සංශෝධනය කල විශ්‍රාම යාමේ වයස් සීමාව අදාල නොවන පිරිසක් ගැන විශේෂ නිවේදනයක්

Sri Lanka
By Sithumi Sep 01, 2022 05:05 PM GMT
Report

අතුරු අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කරනු ලැබුව ද, මානව සම්පත් අවශ්‍යතා මත මීට පෙර විශ්‍රාම යන වයස සංශෝධනය කරන ලද සේවාවන් සඳහා එය අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මගින් රාජ්‍ය අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ විශ්‍රාම කාල කාලසීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කෙරුණු අතර මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති රාජ්‍ය අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සියලු ම සේවකයින් දෙසැම්බර් 31 වැනි දින වන විට විශ්‍රාම ගැන්වෙන බව ද එහි දී ප්‍රකාශ කෙරුණා.

(අදාල නිවේදනය පහතින්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery