ඩෙංගු පැතිරීම වැළැක්වීමට කඩිනම් පියවර
Dinesh Gunawardena
Sri Lanka
Dengue Prevalence in Sri Lanka
By Sithumi
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලුම බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි පවසනවා.
ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව අද(25) Zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව ආණ්ඩුකාරවරුන්ට දන්වා තිබෙනවා.
සිය බල ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු රැස් කරමින් රෝගය පාලනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තවදුරටත් රෝගය පැතිරී යාම වැළැක්වීමට ප්‍රමුඛතාව දිය යුතු හෙයින් මේ වන විට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා රෝග පාලනයට ක්‍රියාත්මක වැඩසටහන් නොනවත්වා පවත්වාගෙන යාම අවශ්‍ය බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |