ඩෙංගු මරණ 16ක් - වැස්සත් එක්ක ඩෙංගු අවධානම තවත් ඉහළ ගිහින්.. මේ ගැනත් අවධානයෙන් සිටින්න..
ඩෙංගු රෝගීන් ඉදිරි මාස කිහිපයේ දී තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි සඳහන් කළේ ය.
මේ වසරේ ගත වූ කාලසීමාව තුල ඩෙංගු රෝගීන් 32,600ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ අගයක් බව ඇය පැවසීය.
එමන්ම, පෙර වසරට වඩා ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.
මේ අතර, මෙම වසරේ මේ දක්වා ඩෙංගු මරණ 16ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන් 40ක් පමණ මේ වනවිට ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඊයේ (11) කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ, ඩෙංගු රෝගය වැළදී සුවය ලැබූ දරුවන් වෙහෙසකර කාර්යයන්ට යෙදවීම තුළින් අක්මාවට හානි සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් දෙමාපියන් අවධානයෙන් කටයුතු කළ යුතු බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |