රට පුරා දැඩි අවධානම් තත්ත්වයක්.. එක් දිනයක් තුළ රෝගීන් 700ක් හමුවෙයි..
                                    
                    Sri Lanka
                
                                                
                    Ministry of Health Sri Lanka
                
                                                
                    Dengue Prevalence in Sri Lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 25ක් වාර්තා වී ඇති අතර ගත වූ දින තුන තුළ ඩෙංගු රෝගීන් 700ක් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික්ක පහළොවක් පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස පනස් පහක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, හම්බන්තොට, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
2023 වසරේ මේ දක්වා රට තුළ ඩෙංගු රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |