ඩෙංගු 3 (DEN 3) වෛරසය පැතිරයාම ගැන විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Sithumi May 02, 2023 02:35 PM GMT
Report

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුවී ඇති අතර මේ වසරේ ගෙවුණු මාස 04ක කාලය තුළ ඩෙංගු රෝගීන් 29,000ක් වාර්තා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම දත්තවලට අනුව එම කාලය තුළ ඩෙංගු වැළඳීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15කි. ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140ක් පමණ සිටින අතර ඉන් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වන්නේ ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙකය.

ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් දැනට සොයාගෙන ඇති අතර ඒවා හැඳින්වෙන්නේ

  • ඩෙංගු වන් (DEN 1),
  • ඩෙංගු ටූ (DEN 2),
  • ඩෙංගු ත්‍රී (DEN 3) සහ
  • ඩෙංගු ෆෝ (DEN 4) ලෙසිනි.

එමෙන්ම වසර 12කට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිර යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ යම් අයෙකුට උණ වැළඳී දින දෙකක් පවතින්නේ නම් ඩෙංගු රෝගී පරීක්ෂාවක් සිදුකර ගැනීම මගින් එය උග්‍රවීම වළක්වාගත හැකි බවය. ඔබගේ ගෙවත්තේ ද ඩෙංගු මදුරු ව්‍යාප්තිය සිදුවිය හැකි ස්ථාන පිළිබඳ අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය වෙයි.

මේ අතර ඩෙංගු රෝගයේ වර්ධනයක් වාර්තා වන පසුබිමක මී උණ ව්‍යාප්තියේ වර්ධනයක්ද මේ වනවිට පෙන්නුම් කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now