දෙහිවල ඊයෙ රාත්‍රී ගැටුමක්..අයෙක් මරුට.. 14ක් අල්ලා ගනී..
දෙහිවල, රෝහල් පාර ප්‍රදේශයේදී පිරිසක් විසින් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එක් පුද්ගලයෙක් ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයක් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිල්ෂාන් රංග කුමාර නැමති 27 හැවිරිදි පුද්ගලයෙක්.
දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු පැනයෑමට උත්සාහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසා සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනා පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිස් නිලධාරීහු පැවසූහ.
සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනාව ලොරි රථයකින් පොලීසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණා.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වී යැයි සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහර දී රඳවා තබාගෙන ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඔහු ලවා ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වාගෙන ඔහුට ද පහරදී රඳවා තබා ගෙන තිබූ බවටයි.
අනතුරුව සැකකරුවන්ට පහර දී අපරාධය සිදු වූ ස්ථානය සෝදා පවිත්‍ර කර ඇතැයි ද පොලීසිය කියා සිටියි.
කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටින අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක අයෙක්.
එම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 14දෙනා අවුරුදු 19ත් 99ත් අතර කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි පොලීසිය පවසන්නේ.
තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත්, සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
දෙහිවල පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |