බිස්කට් කුඩු වලින් මෙන්න අලුත් රෙසිපි එකක් .

Sri lanka Food Recipes
By Wayomi Sep 29, 2022 10:56 AM GMT
Report

සමහර කෑම වර්ග හදන්න අපි බිස්කට් කුඩු යොදාගන්නවනේ. ඉතින් මේ කියන්න යන්නේ එහෙම පාවිච්චි කරන බිස්කට් කුඩු වලින් හදාගන්න පුළුවන් ඩීප් ෆ්‍රයිඩ් බිස්කට් ක්‍රම්බ් බෝල්ස් ගැනයි.(Deep Fried Biscuit Crumb Balls)

අවශ්‍ය ද්‍රව්‍ය

? බිස්කට් කුඩු කෝප්ප 1

? මුදවපු කිරි 500g

? කජු මද 100g

? රුලං මේස හැඳි 7

? සීනි මේස හැඳි 2

? බටර් මේස හැඳි 1

? එළවළු තෙල් කෝප්ප 1

? බිත්තර 1

? රස අනුව ලුණු කුඩු


සාදාගන්න ආකාරය

? බෝල් එකක් අරගෙන ඒකට මුදවපු කිරි, රුලං, බටර් සහ බිස්කට් කුඩු වලින් භාගයක් දාලා හොඳින් මිශ්‍ර කරන්න.

? ඒකටම සීනි, ලුණු කුඩු හා බිත්තරය ද එක් කරන්න.

? හොඳට කලවම් කරලා විනාඩි 30 ක් විතර තියන්න.

? ඊළඟට ඒ මිශ්‍රණයෙන් පොඩියට බෝල සාදාගන්න.

? ඒ මැදට කජු මද එක බැඟින් තියලා බෝලේ හදාගන්න.

? අවසානයේ ඉතුරු බිස්කට් කුඩු වල තවරාගෙන ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW