උත්සව සමයේ දී සංචරණ සීමා පැනවීම ගැන ගත් තීරණය..නීති කඩකරන අයට වෙනදේ..
එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.
විශේෂයෙන්ම මුව ආවරණ නොපළඳින සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු නොකරන පුද්ගලයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පොලිසියේද සහය ලබාගන්නා බව සඳහන් කළ හෙතෙම උත්සව සමයේදී කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
මේ අතර ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම ඉතා අහිතකර තත්ත්වයක් එළඹෙන උත්සව සමයේ දී සංචරණ සීමා පැනවීමකින් තොර ව උපාය මාර්ගික ව තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
එසේම ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 747ක් සහ මරණ 27ක් ද වාර්තා වුණා.
උත්සව සමය ආරම්භ වීමත් සමඟ ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම ඉතා අහිතකර තත්ත්වයක් විය හැකි බවට සෞඛ්‍ය අංශ දිගින් දිගට ම අවධාරණය කර සිටිනවා.
ඒ හේතුවෙන් සාමුහික වශයෙන් ඒකරාශී වී හැකිතාක් අවම කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. කෙසේ නමුත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ, නත්තල් සමය හෝ අලුත් අවුරුදු සමය කේන්ද්‍ර කර ගනිමින් සංචරණ සීමා පැනවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
එසේම, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ, සීමා පැනවීම් සිදු නො කර බූස්ටර් එන්නත ලබාදීම ඇතුළු එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එළඹෙන උත්සව සමයේ දී පියවර ගෙන ඇති බවයි. මේ අතර, ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 747ක් වාර්තා වූ අතර මරණ 27ක් ද වාර්තා වුණා.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 13,575ක් නිවෙස් තුළ, රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |