වැසි නිසා පාසල් වහනවාද? තීරණය ගැන අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්
Weather
Latest Headlines
Sinhala news
School Holiday
Special Announcement
By R.rishma
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් පැවැත්වීම හෝ තාවකාලිකව වසා තැබීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පළාත් අධ්යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්යාපන අධ්යක්ෂවරුන් වෙත පවරා තිබෙනවා.
අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ ප්රදේශවල පවතින ආපදා තත්ත්වය, ගංවතුර අවදානම සහ මාර්ග අවහිරතා ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් පාසල් පැවැත්වීම හෝ තාවකාලිකව වසා තැබීම පිළිබඳ තීරණ ගැනීමට එම බලධාරීන්ට හැකියාව පවතිනවා.
ඒ අනුව මධ්යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල කලාප කිහිපයක පාසල් 26ක් පැවැත්වීම අත්හිටුවා වු බව ආණ්ඩුකාර වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා පැවසීය.