ලංකාවෙන් භාණ්ඩ අපනයනය සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

Sri Lanka Politician Sri Lanka Cabinet Businessman Export
By Aruna Jun 06, 2024 04:35 PM GMT
Report

රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම හා අපනයනය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව උපදෙස් ලබා දී තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මින් පෙර පැවති කමිටු රැස්වීමේදී ද පෙන්වා දී ඇත්තේ, දීර්ඝ කාලයක සිට රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමට, බෙදා හැරීමට හා අපනයනය කිරීමට ගැටලු පැවති බව ත් මෙය නිරාකරණය කිරීම මගින් විශාල ආදායමක් රජයට ලබාගත හැකි බවයි.

20T ඉදිරි ශ්‍රී ලංකා තරඟ ගැන මැතිව්ස් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

20T ඉදිරි ශ්‍රී ලංකා තරඟ ගැන මැතිව්ස් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..


මේ අනුව, මේ සම්බන්ධයෙන් පැවති ගැටලු සාකච්ඡා කර ඒවා විසදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන කැඳවා තිබුණා.

එහිදී, මෙම දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීමට එකඟ වී තිබෙන බවයි පවසන්නේ.

එසේ ම, උතුරු පළාතේ නිෂ්පාදනය කරන තල්, රා තොග වශයෙන් දේශීයව සහ විදේශීව බෙදා හැරීමට පැවති බාධා ඉවත් කිරීමට ද එකඟ වී ඇති බව ද පසනවා.

තව ද,කමිටුව මෙහිදී උපදෙස් ලබා තිබෙන්නේ, අපනයනකරුවන්ට පහසුවෙන් සහ ක්‍රමවත්ව කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමටයි.

කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශීයව විශාල වෙළඳපොළක් පවතින බවයි, කාරක සභාව පෙන්වා දී ඇත්තේ.

මේ නිසා මෙම බාධා ඉවත් කිරීම හරහා විශාල ආදායමක් රජයට ඉදිරියේදී ලැබෙන බව කමිටුව වැඩි දුරටත් පෙන්වා දී ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට කරන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්..හෙට ගමන් යන අය මේ ගැන දැනුවත්ව යන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට කරන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්..හෙට ගමන් යන අය මේ ගැන දැනුවත්ව යන්න..


තව ද, තල්, පොල් සහ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සියලු යෝජනා ඇතුළත් යෝජනාවලියක් කාරක සභාවට ලබා දෙන ලෙස ද අදාළ නිලධාරින්ට උපදෙස් දීම මෙහිදී සිදු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.