විදෙස්ගතවන ශ්‍රමිකයින් ඉඩම් අක්කර 2ක් - රජය ගත් අලුත්ම විශේෂ තීරණය..

Manusha Nanayakkara Government Of Sri Lanka Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka
By Sewvandhi Jan 02, 2024 04:30 PM GMT
Report

අමාත්‍ය මනූෂ නානායක්කාර පවසන්නේ, කෘෂි රැකියා සඳහා විදෙස්ගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා සුවිශේෂි වැඩපිළිවෙලක් විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කරන බවයි.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඊයේ (1) පැවති වැඩසටහනකදී,අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

එම ශ්‍රමිකයින් යළි දිවයිනට පැමිණි පසුව කෘෂි ව්‍යවසායකයින් බවට පත්කිරීමේ අරමුණින් ඔවුන්ට ඉඩම් අක්කර දෙකක් බැගින් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි, අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

විදෙස්ගතවන ශ්‍රමිකයින් ඉඩම් අක්කර 2ක් - රජය ගත් අලුත්ම විශේෂ තීරණය.. | Decision From The Government About Foreign Workers

එමගින් විදේශයන්හි කෘෂීකාර්මික ක්ෂේත්‍රයට අදාළ රැකියාවල නිරතවූවන් ලබාගත් දැනුම මෙරට ආර්ථිකයට සෘජුවම දායක කරගැනීමේ අරමුණ සහිතව මෙම ඉඩම් ලබාදීම සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ සහාය සහ අවසරය හිමිවී දී ඇති බවත් ඒ අනුව ඊට අදාළව ඉඩම් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.