ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගැන අද ගත් අලුත්ම තීරණය..

Cricket Sri Lanka Cricket International Cricket Council
By Sewvandhi Feb 27, 2024 03:51 PM GMT
Report

ශ්‍රී ලංකා සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම් තේරීමේ අවසන් තීරණය උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ගත යුතු යැයි සෙසු තේරීම් කමිටුවට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ජාතික කාන්තා ක්‍රිකට් සංචිතය සහ වයස අවුරුදු 19න් පහළ ඇතුළු සෙසු කනිෂ්ඨ ක්‍රිකට් සංචිත තේරීමේ අවසන් තීරක බලය ජාතික තේරීම් කමිටුව සතු බවත්, සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අනුමැතිය අනිවාර්ය බවත්ය.

 අද (27) ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව, කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව සහ කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව යන කමිටුවල සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති විශේෂ රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙනවා.