තවත් සාහසික මනුෂ්‍ය ඝාතනයක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 05, 2022 03:29 AM GMT
krishani

krishani

in අපරාධ
Report

තොළඹුඇල - පොල්පිතිගම ප්‍රදේශයේ දී ඊයේ (04) දින තියුණු ආයුධයකින් පහර දී සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වන අතර ඝතකයා විසින් මරණකාරියගේ ගෙලට, තියුණු ආයුධයකින් පහර දී ඇත.

බරපතළ තත්ත්වයේ පසු වූ මරණකාරිය පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය ගොස් ඇති අතර මරණකාරිය ඇගේ කුඩා දරුවා සමඟ පොල්පිතිගම රෝහලෙන් බෙහෙත් ලබාගෙන පසුව නිවස බලා යාමේදී  මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතකයාව මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහු ව අත් අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.මෘත ශරීරය පොල්පිතිගම රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join