සැක කටයුතු ලෙස මියගිය දෙදරු මවකගේ මළ සිරුරක් හමු වේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 14, 2022 10:24 AM GMT
Report

දියතලාව - කහගොල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සැක කටයුතු ලෙස මියගොස්ව සිටි කාන්තාවකගේ මළසිරුරක් හමුව තිබෙන අතර ඇය 36 හැවිරිදි වියේ පසු වූ දෙදරු මවකි.

මෙම කාන්තාවගේ සැමියා සහ දරුවන් දෙදෙනා නිවසේ නොසිටි අවස්ථාවක එම කාන්තාව සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට දේහය දියතලාව රෝහලේ තැන්පත් කර තිබෙන අතර දියතලාව පොලීසිය අදාළ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join