පාසල් දැරියක් මරණයට පත් වෙයි - නාම ලේඛනය රැගෙන පන්තියට එන විට වුණ දෙයින් සියල්ලන් සංවේදී වෙයි..

Accident Death School Incident Latest Headlines
By krishani Mar 06, 2024 05:45 PM GMT
Report

පාසල තුළ ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය පුවතක් පිළිබඳව තොරතුරු කලවාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

පාසල් දැරියක් මරණයට පත් වෙයි - නාම ලේඛනය රැගෙන පන්තියට එන විට වුණ දෙයින් සියල්ලන් සංවේදී වෙයි.. | Death School Child At Kalawana

එම අනතුර අද (06) උදෑසන 7.15ත් 7.30ත් අතර කාලයේ දී සිදුව තිබෙනවා.

දැරිය මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවියක් වේ.

පන්තියේ නාමලේඛනය රැගෙන පන්ති කාමරය වෙත පැමිණෙමින් සිටියදී දැරිය බිම ලිස්සලා වැටී තිබෙනවා.

එහිදී අසල තිබූ අඩි එකහමාරක පමණ කොන්ක්‍රීට් ගලක ඇයගේ නිකට ප්‍රදේශය තදින් වැදී ඇති බව සඳහන් වේ.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරියව රෝහල්ගත කර ඇති අතර ඉන් පසුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ දකුණු කුකුලේගම පදිංචි දැරියක් වේ.