දියේ ගිලී පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට.
Sri Lanka Police
Accident
By krishani
මහනුවර - පොල්ගොල්ල වේල්ල අසල දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා.
පාසල් සිසුන් සිව්දෙනෙකු පොල්ගොල්ල වේල්ලට මීටර් 300ක් පමණ පහළින් දියනාමින් සිටි අවස්ථාවේ ඉන් සිසුන් දෙදෙනෙකු දියේ ගිලි ඇත.
එම දියේ ගිලි ඇති සිසුන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර ඔහු 17 හැවිරිදි මහනුවර තිත්තවෙල පාර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු වේ.
අනෙක් සිසුවා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |