උඩරට මැණිකෙට ජිවිතයක් බිළි වූ සංවේදී පුවතක්..
Sri Lanka
By krishani
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල බිංගෙය අසළදී දුම්රියේ ගැටුණු පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව බදුල්ල පොලිසිය පවසයි.
ඒ බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා අද (30) අළුයම 5.55 ට ගමන් ආරම්භ කළ උඩරට මැණිකේ දුම්රියට මෙම පුද්ගලයා පැන ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෘත දේහය එම දුම්රියෙන් රැගෙන විත් බදුල්ල දුම්රිය ස්ථානයට බාරදීමෙන් පසු බදුල්ල මහ රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |