පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු හදිසියේම මියයයි..
කිරිඳිවැල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලායාමට උත්සාහ කිරීමේදී අනතුරට ලක්වී මියයාමේ සිද්ධියක් වාර්තා වේ.
පෙරේදා (26) 27 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඳිවැල නගරයේදි රන් මාල කොල්කෑල්ල කෑමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුවයි.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තමන් සමඟ රන්මාල කොල්ලකෑම්වල නිරතවූ තවත් පුද්ගලයෙකු වතුරුගම ප්‍රදේශයේ සිටින බවට සැකකරු විසින් අනාවරණ කර තිබෙන අතර ඒ අනුව මාංචු දමා යතුරුපැදියකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම සැකකරු එම ප්‍රදේශයට ගෙනගොස් ඇති බව වාර්තා වේ.
එහිදී සැකකරු යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරීයාගේ ගෙළ සිරකර පලායාමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය පොලිස් නිලධාරීන් දෙදෙනා ද සමඟ අසළ පිහිටි ඇළ මාර්ගයකට පෙරළී තිබෙන අතර එම අවස්ථාවේ බරපතළ තුවාල ලැබූ සැකකරු රදාවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.