රටක් ආදරය කළ දේශපාලන නායකයකුගේ අභාවයක්ලු.

Sri Lanka Politician Astrology
By Wayomi Jan 07, 2024 11:38 AM GMT
Report

2023 වගේම 2024 කියන්නෙත් හැම කේනක් ටම වගේ තීරණාත්මක අවුරුද්දක්. ජිවත් වෙන්න උපරිම සටන් කරන්න සිදු වන අවුරුද්දක්.

මේ උදා වුන 2024 අවුරුද්ද ගැනත් විවිධ අනාවැකිකරුවන් යහපත්, අයහපත් දෙකමට හරියන්න ඵල කල අනාවැකි කනින් කොනින් ඇහෙන්න ඇතිනේ.

ඔන්න ඉතින් ඒ වගේ අපිටත් දැනගන්න ලැබුණු, එක්තරා වෙබ් අඩවියක අනාවැකියක් ගැනයි මේ කියන්න යන්නේ. එම අනාවැකිය පහතින්,

රටක් ආදරය කළ දේශපාලන නායකයකුගේ අභාවයක්ලු. | Death Of A Political Leader

මෙම 2024 වසරේදී රටට නව නායකත්වයක් ගොඩනැඟීම ඇරැඹෙන බව සමස්ත ග්‍රහ තත්ත්වය සමාලෝචනය කිරීමේදී පෙනී යයි. ඉදිරි කාලයේදී පාලන තන්ත්‍රය මෙහෙයවීමේ කටයුත්ත ඇතුළු කොට වූ සියලු දෑ ධනය, බලය, ශක්තිය මත නොව ගුණධර්ම සහ සොබාදහම මත සිදුවීමට නියමිතය.

මෙම වසරේදී ඇරඹෙන නව නායකත්වයක් ගොඩනැඟීමේ ක්‍රියාවලිය සියලු බාධා මැඬගෙන ඉදිරියට යන අතර 2025 වසරේ මාර්තු වන විට යම් ආකාරයක සුබදායී පරිසරයක් රට තුළ හැඩගැස්වීමට පංච මහා බලවේග ඒකරාශි වීමක්ද ග්‍රහචාරය අනුව පෙන්නුම් කෙරේ.

මේ වන විට දේශපාලනයේ සිටින සමහර දෙනා ඒරාෂ්ටක අපල කාල ගත කරමින් සිටිති. 2025 මැයි මස 18දා තෙක් රාහු මීන රාශියේ ගමන් කරයි. සුබදායී තත්ත්වයක් නොපෙන්වන එම කාලය තුළ රටට, ජනතාවට මෙන්ම බලයේ සිටින්නා වූ නායක කාරකාදීන්ට තදබල බලපෑමක් දැනෙනු ඇත. මේ අතර කලක් ජනාදරයට පත්ව සිටි ඉහළ පෙළේ ප්‍රභූ දේශපාලන නායකයකුගේ අභාවයක්ද සිදුවිය හැකිය.

ග්‍රහ තත්ත්වය විමසද්දී මෙම 2024 වර්ෂය ජන කැලඹිලි උග්‍ර අතට හැරෙන ඒ හේතුවෙන්ම බල කැලඹිලි තව තවත් වැඩිවන ඒ මදිවාට ජල ගැලීම් සහ ජල පිටාර ගැලීම් ආදිය සහිත ජල කැලඹිලිද ඉහළින්ම සිදුවන වසරක් ලෙස හැඳින්විය හැකිය.


                                                       Sponsored By Sarrita Jewellery 

රටක් ආදරය කළ දේශපාලන නායකයකුගේ අභාවයක්ලු. | Death Of A Political Leader