මවක් සිය දරු දෙදෙනාට වස පොවයි - පස් හැවිරිදි පුතු මිය යයි.. අට හැවිරිදි දියණියට අසාධ්‍යයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් පසු රෝහල්ගත කර සිටි පුතු ජීවිතක්ෂයට පත්ව ඇති බව නාල්ල පොලීසිය පවසයි.
ලෝලුවාගොඩ - තලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඒ. පේෂාන් සචින්ත නැමැති පස් හැවිරිදි දරුවෙක් එලෙස මියගොස් ඇති ඇත්තේ.
දරුවන් දෙදෙනාට වස පානය කිරීමට දී මව ද වස පානය කර ඇති අතර මේ වනවිට මව අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි.
8 හැවිරිදි දියණිය ද අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන අතර වස පානය කළ කාන්තාවගේ ඥාතීන් සඳහන් කර ඇත්තේ අදාළ කාන්තාව බොහෝ ණය වී සිටි අයෙක් බව ය.
නාල්ල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |