පියා කැඩූ පොල්ගෙඩියක් නිසා ජිවිතයෙන් සමුගත් පුතෙකුගේ සංවේදී පුවතක්..

Sri Lanka
By krishani Aug 31, 2022 02:43 PM GMT
Report

පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටී එම දරුවා මියගොස් ඇති අතර එසේ මරණයට පත්ව ඇත්තේ නමුණුකුල මියනකඳුර පදිංචිව සිටි මියනකඳුර මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ‍ ඉගෙනුම ලැබූ සිසුවෙක් වේ.

පසුගියදා (29) සවස 6.30ට පමණ පියා ගෙවත්තේ අඩි 50 ක් පමණ උසැති ගසකට නැග පොල් කඩන විට මෙම පුත්‍රයා නිවසින් බැහැරව ගොස් නැවත නිවසට පැමිනෙමින් සිට ඇති බවත් ඒ මොහොතේ පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් පුතුගේ හිස මතට වැටී ඇත.

බරපතල තුවාල ලැබූ දරුවා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) උදෑසන ජීවිතක්ෂයට පතව ඇති අතර 55 හැවිරිදි පියාට එරෙහිව නොසැලකිලි මත්ව පොල් කැඩීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි.