දුම්රියෙන් ඇදවැටී තරුණයෙක් ජිවිතක්ෂයට.. (VIDEO)

Sri Lanka
By krishani Jun 18, 2022 05:26 AM GMT
Report

ඊයේ (17) රාත්‍රියේ දී 23 හැවිරිදි වියෙහි පසුවූ දික්වැල්ල - වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මාතර දුම්රිය ස්ථානයේ දී දුම්රියට යට වී ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඒ මාතර සිට බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ඉන් බිමට ඇද වැටී තරුණයා දුම්රියට යට වී ඇත්තේ.

ඔහුව බේරා ගැනීමට මාතර රතු කුරුස කාර්යාලයේ නිලධාරියෙකු සහ අසල සිටි පිරිස් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරුව ද පැයකට ආසන්න මෙහෙයුමකින් පසුව තරුණයා එළියට ගත්ත ද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබේ.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join