හිම කුණාටු හේතුවෙන් 38ක් ජිවිතක්ෂයට.. (විදෙස්)

United States of America Canada
By krishani Dec 26, 2022 08:01 AM GMT
krishani

krishani

in ලෝකය
Report

අධික ශීත කාලගුණ තත්ත්වය සහ හිම කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් ඇත.

අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඉන් වැඩි බලපෑමක් නිව්යෝර්ක් ප්‍රාන්තයට සිදුව ඇත.

එමෙන්ම කැනඩාවේ මෙරිට් නගරයේ අයිස් සහිත මාර්ගයකට බස් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

හිම කුණාටුව කැනඩාවේ සිට දකුණට රියෝ ග්‍රෑන්ඩ් දක්වා ගමන් කරන අතර ඉදිරි දින කිහිපය තුළ කුණාටු තත්ත්වය ඉවත්ව යනු ඇති බව ද කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join