ඇහෙද්දිත් ඇඟ කිලිපොලා යන, ජපානයේ මාරාන්තික බැක්ටීරියාව ගැන මෙරට සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට දැනුම්දීමක් මෙන්න.

Sri Lanka Ministry of Health Sri Lanka Japan Latest Headlines
By krishani 10 months ago
Report

මේ දිනවල ජපානයේ දුර්ලභ බැක්ටීරියා ආසාදනයක් ව්‍යාප්ත වෙමින් පවති.

ඇහෙද්දිත් ඇඟ කිලිපොලා යන, ජපානයේ මාරාන්තික බැක්ටීරියාව ගැන මෙරට සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට දැනුම්දීමක් මෙන්න. | Deadly Bacteria Spreading In Japan

එම දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ආන්දෝලනාත්මක, මහ බැංකු වැටුපට මොකද වුණේ?. පත් කළ කමිටුව ගෙනා වාර්තාව එළියට..(VIDEO)

ආන්දෝලනාත්මක, මහ බැංකු වැටුපට මොකද වුණේ?. පත් කළ කමිටුව ගෙනා වාර්තාව එළියට..(VIDEO)


එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙවැන්නකී,

"ඒක සාමාන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක්. කලාතුරකින් එකේ ප්‍රතිඵලයක් සහ සංකූලතාවයක් විදිහට මාරාන්තික තත්ත්වයකට යන්න පුළුවන්. ජපානය වාර්තා කරලා තියෙන්නේ බැක්ටීරියා තත්ත්වයෙන් ඇතිවෙන සංකූලතා තත්ත්වයේ යම් වැඩිවීමක් මෑත කාලයේ නිරීක්ෂණය කළා කියලා. ඒ වගේම තමයි ප්‍රතිජීවක ඖෂධවලින් මේක වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි කලාතුරකින් ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා තියෙන්න පුළුවන්. එකේ මහා පැතිරීමක් සිද්ධවෙයි කියලවත්, අපේ රටට බලපෑමක් ඇතිවෙයි කියලවත් අනියත බියක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නැහැ."