හරිත සරසවි ඉදිකිරීම් භූමියෙන් හමු වූ මළ සිරුර.

Sri Lanka Police Mysterious Death
By Wayomi Apr 22, 2024 07:28 AM GMT
Report

අද (22) හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, එම ඉදි කිරීම් භූමියේ කොන්ත්‍රාත් කටයුතු සිදු කරනු ලබන සමාගමේ කම්බි බදින්නෙකු ලෙස සේවය කරමින් සිටි නිකපොත වැල්ලවාය පාර කැල්බන් ජනපදයෙහි පදිංචිකරුවෙක් වන රත්නායක ලියනගේ සමන් කුමාර නමැති 31 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කළේ, ඔහු අලුත් අවුරුදු නිවාඩු කාලයෙන් පසු දින කිහිපයකට පෙර රැකියාව සඳහා එම ස්ථානයට පැමිණ ඇති බවත්, එම පුද්ගලයාට දවසේ වියදම සදහා කොන්ත්‍රාත් සමාගම විසින් ලබා දෙනු ලබන රුපියල් දහසක මුදලින් රුපියල් 300යක් වැය කර කෑම පාර්සලයක් මිලදී ගෙන ඉතිරි මුදලින් මත්පැන් පානය කර ඇති බවත්ය.

......................................................................

May you Like