දයාසිරිගෙන් සුරේෂ් රාඝවන්ට සැර කනේ පහරක්..

Sri Lanka politics Dayasiri Jayasekara parliament Duresh Ragavan
By Sewvandhi Apr 20, 2022 10:00 AM GMT
Report

අද වනවිට ජාත්‍යන්තරය පවා මේ රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ අවධානයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්, මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් ඇතුළු 39 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන වූ කණ්ඩායම රජයේ දිගින් දිගටම ඉල්ලා සිටියේ, පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවා දේශපාලන ස්ථාවරභාවය ඇති කළ යුතු බවයි.

කෙසේවෙතත් එම යෝජනාවට රජය ප්‍රතිචාර දැක්වූයේ, අටවා ගත් ඇමති මණ්ඩලයක් තුළින් එල්ලෙන ආණ්ඩුවක් පිහිටුවාගැනීම හරහා බවයි. ජනාධිපතිවරයා සුපුරුදු පරිදි ම ඇමති කටු විසි කරමින්, තනතුරු, තාන්න මාන්න, වරප්‍රසාද දෙමින් තමන්ගේ ඉල්ලීමට පිටුපෑ බව ඔහු සඳහන් කළා.

මෙහිදී ඊයේ (19) නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් සුරේන් රාඝවන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, සිය අභිලාසයන්ට පිටුපා ගිය ඔහුට තවදුරටත් දේශප්‍රේමය පිළිබඳ කතා කළ නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ, ඔහු පාර්ලිමේන්තුවේ අද සිදු කළ කතාව ඔහුගේ පුතා ඉදිරියේ කළා නම්, ඔහු පවා සුරේන් රාඝවන්ගේ කණට ගසනු ඇති බවයි.

මෙහිදී සිදු කළ යුතු පළමු ක්‍රියාවලිය වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කෙරුණු වැරදි නිවැරදි කරගැනීම බවයි.

මේ ආකාරයට සාධනීය පියවර ගතහොත් පමණක් මේ වනවිට වීථි බැස ඇති මේ රටේ තරුණ ජනතාව සහ සමස්ත ප්‍රජාව තුළ රජය සහ ආණ්ඩුක්‍රමය පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනගා ගත හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now