"..එකම කුට්ටම ඇනීමෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ.." දයාසිරිගෙන් සැර කතාවක්..!
Sri Lanka
politics
Dayasiri Jayasekara
Gotabhaya Rajapaksha
cabinet ministers
By Sewvandhi
එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳෙන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. රටේ ජනතාව ඇමති මණ්ඩල මෙලෙස පත් කිරීම පිළිනොගන්නා බවද ඔහු සඳහන් කළේය.
ජයසේකර මහතා මෙසේ පැවසුවේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සූදානම ගැන කළ විමසුමකදීය.
මේ අතර ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා අත්සන් කිරීමට පෙර එම යෝජනාවට ඇතුළත් කෙරෙන කරුණු පිළිබඳව පක්ෂ සමඟ සාකච්ඡා කළයුතු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම, ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත.
තමා කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත්,ඉන් පිටස්තර ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |