2023 උසස් පෙළ සමතුන්ට විශ්වවිද්‍යාලවලට අයැදුම් කිරීමට දින නියම වෙයි.? - එය සිදු කරන්නේ මෙහෙමයි.
2023 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දින නියම කර තිබෙනවා.
ඒ, අනුව ජූනි 14 දා සිට 2023 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්ගේ ප්‍රතිඵල මත 2023/24 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කළ හැකියි.
ඊයේ (3) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මේ බව කියා සිටියා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිස දරුවන්ට තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දී ශිෂ්‍ය අත්පොත තමන්ට කැමති භාෂාවකින් බාගත කර ගත හැකි බවයි.
එමෙන්ම ඒ සඳහා රුපියල් 1000ක මුදලක් ගෙවීමට සිදුවන බවත් එය බැංකුවකට, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මගින් වූව ද ගෙවීමට හැකි බවත් ඔහු කියා සිටියා.
සභාපති වරයා වැඩිදුරටත් අවධාරණය කළේ,මෙවර ශිෂ්‍ය අත්පොත බාගත කිරීමෙන් පමණක් සිසුන්ට ලබා ගත හැකි වන අතර පොත් වෙළෙඳසැල්වලින් මිල දී ගැනීමට හැකියාවක් නොමැති බවයි.
ඒ, අනුව ශිෂ්‍ය අත්පොත බාගත කිරීමේදී කුමන හෝ ගැටළුවක් ඇතිවුවහොත් 011 269 5301 / 011 269 5302 යන දුරකතන අංක අමතා විසඳුම් ලබා ගත හැකියි.
එමෙන්ම ශිෂ්‍ය අත්පොත බාගත කිරීමෙන් පසුව ජූනි 14 වන දා සිට ජූලි 5 වන දා දක්වා කාලය තුළදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය පිවිස සිසුන්ට තමන්ගේ ඩිජිටල් අයැදුම්පත යොමු කිරීමට නැවත වෙබ් අඩවිය විවෘත කෙරෙනු ඇති.
මේ අතර සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ,තමන්ගේ සරසවි අයැදුම්පත ඉතාම ප්‍රවේශමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කිරීමට කටයුතු කරන ලෙසත්, ජූලි 5 වන දාට පසුව තවත් සති දෙකක් එනම් ජූලි 19 වන දා දක්වා කාලය තමන්ගේ කැමැත්තේ අනුපිළිවෙලහි යම් කිසි වෙනසක් සිදු කිරීමට සිතුණොත් එය සිදු කිරීමට දරුවන්ට හැකියාව තිබෙන බවත්ය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුල දී ඉතා ම කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව සභාපතිවරයා තවදුරටත් මෙහිදී සඳහන් කර සිටියා.
අත් පොත් Download කර ගැනීමට මෙතැනින් පිවිසෙන්න.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%