සජබයේ පෙත්සමට දින නියම වෙයි. - සරත් ෆොන්සේකාට පක්ෂ සාමාජිකත්වය අහිමි වෙයිද?

SJB Sajith Premadasa Sarath Fonseka Sri Lanka Politician
By Gagana May 06, 2024 12:51 PM GMT
Report

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට එරෙහිව සමගි ජන බලවේග නායක සජිත් ඇතුළු පිරිසක් විසින් ගොන්නුකරනු ලැබූ ප්‍රතිශෝධනාත්මකව පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

හිටපු හමුදාපතිවරයෙක් වන දයා රත්නායක සමග ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් තමන් විසින් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් සිය පක්ෂ සාමාජිකත්වය හා පක්ෂය තුළ තමන් දරන තනතුරු වලින් ඉවත් කිරීමට පක්ෂ නායකයින් සූදානම් වන බවට චෝදනා කරමින් සරත් ෆොන්සේකා විසින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

එම නඩුව විභාග කළ දිසා විනිසුරුවරයා විසින් පැමිණිලිකාර පාර්ශ්වයේ ඉල්ලීම් සලකා බලමින් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

මෙම වර්ණ නියෝගය ලබාදීමෙන් අනතුරුව සජබයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් විසින්ද යෝජනාවක් ඉදිරිපත් කළ අතර කොළඹ දිසා අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

පසුව සජබ නායක ඇතුළු පිරිස විසින් කොළඹ දිසා අධිකරණය එම තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය ප්‍රතිශෝධනය කර ලබාදුන් වාරණ නියෝගය අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම අද(06) කැඳ වූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් මහතා විසින් නියෝග කළේ එම පෙත්සම මෙම මස 21 වනදා කැඳවන ලෙසයි.