ඇෆ්ගනිස්ථානය හමුවේ සිදු වූ වේදනාත්මක පරාජය ගැන දසුන් කීව කතාව..

Cricket Sri Lanka Cricket
By krishani Aug 28, 2022 09:19 AM GMT
Report

ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හඳුනා නොගැනීම සහ තවත් ප්‍රධාන ගැටළු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට වේදනාත්මක පරාජයක් හිමි වූ බව විස්සයි විස්ස නායක දසුන් ශානක පවසයි.

ආසියානු කුසලානය ආරම්භ කරමින් ඊයේ(27) පැවති පළමු තරගයේ පරාජය පිලිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර ආරම්භක පන්දු වාර කිහිපයේ දී කඩුලු 3 ක් බිඳ වැටීම ද සිය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට හේතුවූ බවයි ඔහු වැඩිදුරටත් පැවසීය.