ආරම්භක පිතිකරු ලෙස ධනුෂ්ක ගුණතිලක සහභාගී වූ පළමු තරඟම ජයග්‍රහණය කරයි..

Cricket Sri Lanka Cricket Danushka Gunathilaka
By Aruna Dec 24, 2023 12:27 AM GMT
Report

වසරක පමණ කාලයක් තරග තහනමකට ලක්වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊවේ (23) සිය පළමු තරගය වෙනුවෙන් SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා.

නමුත් එහිදී ධනුෂ්කට ලබාගත හැකිවූයේ ලකුණු 10ක් පමණයි.

ආරම්භක පිතිකරු ලෙස ධනුෂ්ක ගුණතිලක සහභාගී වූ පළමු තරඟම ජයග්‍රහණය කරයි.. | Danushka Gunathilaka Ssc First Match

2022 වසරේ ඔක්තෝබර් මාසයේදී SSC ක්‍රීඩා සමාජයේ විනය කමිටුව පැනවූ තරග තහනම ඉවත් කිරීමෙන් පසු ඔහු SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඊයේ පළමුවරට ක්‍රිකට් තරගයකට සහභාගි වී තිබුණි.

මෙහිදී SSC ක්‍රීඩා සමාජය සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරගයේ කාසියේ වාසිය දිනු SSC ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු සමග ධනුෂ්ක ගුණතිලකයි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 21කදී ලකුණු 10ක් රැස්කළ අතර ඊට හතරේ පහර දෙකක් ඇතුළත් වුණා.

තරගය නැරඹීම සඳහා ධනුෂ්ක ගුණතිලකගේ පවුලේ අය ද එක්වී සිටිනු දක්නට ලැබීම විශේෂත්වයක්.

ආරම්භක පිතිකරු ලෙස ධනුෂ්ක ගුණතිලක සහභාගී වූ පළමු තරඟම ජයග්‍රහණය කරයි.. | Danushka Gunathilaka Ssc First Match

SSC ක්‍රීඩා සමාජය පන්දුවාර 41යි පන්දු 5කදී සියලු දෙනා දැවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 152ක් පමණි. නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50යි.

ලකුණු 153ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නුගේගොඩ ක්‍රීඩා සමාජයට පන්දුවාර 37ක් අවසානයේදී කඩුලු 7ක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංක්‍යාව 125ක්.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කළ අතර ලකුණු 6කින් තරගය ජයගත්තේ SSC ක්‍රීඩා සමාජයයි.