වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවත් කෙරේ..

Cricket Sri Lanka Cricket Danushka Gunathilaka
By Sewvandhi Dec 22, 2023 08:39 AM GMT
Report

ක්‍රිකට් කමිටුව සහ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්එස්සී) විධායක කමිටුව විසින් ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

ඉදිරියේ දී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් - එස්එස්සී විසින් සංවිධානය කරනු ලබන මේජර් ක්ලබ් සීමිත ඕවර තරගාවලියට ක්‍රීඩා කරනු ලබනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ලක්වී නිදොස් කොට නිදහස් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ඉකුත්දා කටයුතු කළේය.

නමුත් ඔහුට ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිනොවුයේ දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය ඔහුට පනවා තිබු තහනම ඉවත් නොකළ නිසය.

විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ තහනම ඉවත් කිරීමට තීරණය කළ බවයි, ධනුෂ්ක නියෝජනය කළ සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසුවේ.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට SSC ය නියෝජනය කරමින් දේශීය තරග ක්‍රීඩා කිරීමට අවසර ලබාදී තිබේ. ඒ සමග මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට ධනුෂ්ක ක්‍රීඩා කිරීමට නියමිතය.