කොවිඩ් පැණිය හැදූ ධම්මික බණ්ඩාරගේ සහෝදරයා කොරෝනා ආසාදිතව මිය යයි..

Health Covid patient Dammika Bandara s brother Corona paniya
By Aruna Feb 15, 2022 10:49 PM GMT
Report

කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය ඖෂධයක් නිපදවන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් ඇති බවට වාර්තා වනවා.

කෑගල්ල පොලිසිය පවසන්නේ, මෙසේ මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 58ක් වන දෙදරු පියෙක් බවයි.

පිළිකා රෝගය වැළඳී නිවසේ සිටම ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියගොස් ඇති අතර ඔහුගේ දේහයට සිදුකළ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බව හෙලිව ඇති බවයි.

ඒ පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මාර්ගෝපදේශ අනුව කෑගල්ල ආදාහනාගාරය සිදුකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now