හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ගාලුමුව දොර හෙට පැය 24 ක උපවාසයක් කිරීමට සැරසෙයි...

srilanka Cricket protest galleface Dammika prasad
By Sithumi Apr 14, 2022 05:15 PM GMT
Report

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් හෙට (15) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැය 24ක උපවාසයක් ආරම්භ කරයි.

"මම හෙට උදේ ගාලුමුවදොර විරෝධතාකරුවන් සමඟ එක්වී පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ ජනතාවට සාධාරණය ඉටු කරන ලෙස මේ රටේ නායකයන්ගෙන් ඉල්ලා පැය 24ක උපවාසයක නිරත වෙනවා"

ධම්මික ප්‍රසාද් නිව්ස්වයර් වෙත පැවසීය. ධම්මික ප්‍රසාද් පසුගිය සතියේ කටුවාපිටියේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කළේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටු කරන ලෙස බලධාරීන්ට බලකරමිනි.