රටට වැඩක් කරන්න තමා මන් ආවේ - මන්ත්‍රී ධූරයේ දිව්රුම් දුන් ධම්මික පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක්.. (VIDEO)
Parliament of Sri Lanka
Sri Lanka Politician
By krishani
රටෙහි පවතින අර්බුදකාරී තත්ත්වය නිසා තමන් පාර්ලිමේන්තුවට පැමිණි බවත් ඊට විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවත් නව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සදහන් කරයි.
මාධ්‍යවේදීන් අමතමින් එතුමා කියා සිටියේ රජය තමන්ට සුදුසු අමාත්‍ය ධුරයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ තමන් ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවත්, වත්මන් අර්බුදයට ද විසඳුම් ලබා දෙන බවට තමාට විශ්වාසයක් ඇති බවත් ඔහු පැවසූ අතර,
“මිනිසුන්ට රැකියා අහිමි වන මොහොතක, රැකියා අවස්ථා ඇති කිරීමට මම පාර්ලිමේන්තුවට පැමිණියෙමි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |