ප්‍රංශ යුවතියන් 300 දෙනෙක් දඹුල්ලේ දී කරපු අපූරු වැඩේ..

Sri Lanka tourism Dambulla French Prasanna Ranathunga
By Sewvandhi Mar 16, 2022 04:33 PM GMT
Report

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් සමාගම සහ ප්‍රංශයේ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද Raid Amazones 2022 වැඩසටහන සීගිරිය පොල්අත්තාව ගම්මානයෙන් අද දින පෙරවරුවේ ආරම්භ කළේය.

ප්‍රංශ යුවතියන් තුන්සීයක් පමණ දෙනාගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ශ්‍රි ලංකා ගුවන් සමාගමේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කළහ.

පොල්අත්තාව විහාරස්ථානය අසලට ඒකරාශි වූ ප්‍රංශ යුවතියෝ 300 දෙනාගෙන් දෙසිය හතළිහක් පමණ දෙනෙක් අළුයම හයයි තිහට පමණ ‍ ග්‍රාමීය ප්‍රදේශ ඔස්සේ කිලෝමීටර් 16ක පමණ දුරක් පා ගමනින් දිවීම ආරම්භ කළෝය.

ප්‍රංශ යුවතියන් කණ්ඩායම්වලට බෙදා විනෝදාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙය සංවිධානය කොට තිබුණු අතර සීගිරිය සිට වෑවල වැව දක්වා මෙම පිරිස දීවීම සිදුකරන බව ශ්‍රි ලංකා ගුවන් සමාගම කියයි.

මේ අවස්ථාවට එක්වූ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියේ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ සිට යුවතියන් තුන් සියයක් පමණ දෙනා එක්ව සිටින බවය .

එයින් යුවතියන් දෙසිය හතළිහක් පමණ දෙනා මෙම ඉසව්වට සහභාගී වන බවත් ඉදිරි දින කිහිපයේම මෙවැනි විවිධ ඉසව් සංචාරක ප්‍රවර්ධනයට සූදානම් කර තිබෙන බවද සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now