වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ වතුකරයේ කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700ක් ලෙස නියම කරමින් ය.
මැයි දිනය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළේ ය.
ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවනු ඇත.
කෙසේ වෙතත්, මෙම ගැසට් නිවේදනය 2385/14 යන අංකයෙන් යුතුව නිකුත් කර ඇති බව සඳහන් වේ.
එම ගැසට් නිවේදනය පහතින් දැක් වේ.
මේ අතර, මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (22) පැවති කැබිනට් රැස්වීමේ දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා මුදල් වෙන්කර අවසන් බවය.