බස් රථ වල යන අයට විශේෂ අංකයක්...මේදේ සිදුවුනොත් වහාම දැනුම් දෙන්න.
Sri Lanka
Dilum amunugama
Bus fare
By Aruna
නියමිත ගාස්තු වලට අමතර ගාස්තු අය කරන බස් රථ වල මාර්ග බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
නියම කර ඇති බස් ගාස්තු වලට වඩා වැඩියෙන් අය කරන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 1955 කෙටි අංකය වෙත දැනුම් දෙන ලෙසත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් ඊයේ (05) සිට බස් ගාස්තු වැඩිකිරීමට පියවර ගනු ලැබීය.
මෙම ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් එයට වඩා වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් කීවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |