දිනකදී සුවය ලැබූ ඉහළම කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාවක් අද වාර්තා වෙයි..
Infection
vaccination
Covid19
delta
omicron
By Sewvandhi
කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10,001 දෙනෙකු අද (21) දිනයේ දී පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරනවා.
ඒ අනුව මෙරට තුළ වෛරසය ආසාදිතව සිට සුවය ලද සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 617,120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මෙන්ම නිවෙස්ගතව සිට නිරෝධායනය වන පුද්ගලයින් සංඛ්‍යාව 13,724ක් වන අතර සිදු ව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16000කට ආසන්නව ඇත්තේ එහි අගය 15,994ක් ලෙස සටහන් කරමින්.
එමෙන්ම මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත සංඛ්‍යාව ද මේ වනවිට 637,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |