තෙල් මිලෙහි සෑහෙන ලොකු වෙනසක් වෙයි..පාරිභෝගිකයන්ට සතුටුදායි ආරංචියක්..

Crude Oil Prices Today Dollars Latest Headlines
By Sewvandhi Feb 26, 2024 11:32 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අදත් අඩුවී ඇති බවයි.

වැඩිවී ඇති උද්ධමනය හේතුවෙන් අමෙරිකානු පොලී අනුපාත කප්පාදුව පමාවීමේ පසුබිම මත ඩොලරය ශක්තිමත් වීම ඊට බලපා ඇති බව සඳහන් ය.

මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 27 දක්වා පහත බැස ඇති අතර අමෙරිකානු WTI බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 76යි ශත 14ක් ලෙසට ය.

අනිකුත් විනිමය වලින් ගනුදෙනු කරන්නන්ට තෙල් වඩාත් මිල අධික වෙළෙඳ භාණ්ඩයක් බවට, ඩොලරය ශක්තිමත් වීම තුළින් පත්වෙයි.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලද අමෙරිකානු ඩොලරය ශක්තිමත් විමත් සමග පහළ වැටීමක් පෙන්නුම් කරන අතර රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 2030යි ශත 90ක් ලෙසයි.