ලංකාව දැඩි අනතුරක - ආරක්ෂාව පිළිබද නවතම තත්ත්වය ජනපති පහදයි..

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Navy Ministry Of Public Security
By Sewvandhi Jan 08, 2024 12:22 PM GMT
Report

ජනපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ,රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බවයි.

මහා පාරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය බවයි, ජනපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

ජනාධිපති මෙම අදහස් පළ කළේ ඇමතිවරු කිහිපදෙනෙකු අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීයි. මනූෂ නානයක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීම පිලිබඳව සමාජයේ මේ වන විට දැඩි කතාබහක් ගොඩනැගී තිබෙනවා.

රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීමට වැය වන මුදල දෙස බලා එම කටයුත්තෙන් ඉවත් වුවහොත් මෙරටට නැව් නොපැමිණීමෙන් දැවැන්ත පාඩුවක් රටට දැරීමට සිදුවන බවයි, ජනපති සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා පේනවා දෙන්නේ,රතු මුහුදට ලංකාවේ යුද නැව් යවන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂව සැපයීමට මිසක රාජ්‍යන් අතර තිබෙන යුද්ධයන්ට සහායදීමට නොවන බවයි.

ජනපති පවසන්නේ, හූති සටන්කාමීන් නිසා මේ වන විට බොහෝ නෞකා රතු මුහුද මඟහැර වෙනත් මාර්ග භාවිත කිරීම නිසා නෞකා ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇති බවයි.

මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මඟ බලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

හූති වැඩ කටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බවයි ජනාධිපති වැඩිදුරටත් පවසන්නේ.

Sponsored By Sarrita Jewellery

ලංකාව දැඩි අනතුරක - ආරක්ෂාව පිළිබද නවතම තත්ත්වය ජනපති පහදයි.. | Critical Security Situation Sri Lanka