ශ්‍රී ලංකාව තවත් විශාල මූල්‍ය ආධාරයක් බලාපොරොත්තුවෙන් - විනිමය සංචිත වල විශාල අඩුවීමක්..
ශ්‍රී ලංකාව විසින් මෙරට ග්‍රාමීය සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහය අපේක්ෂා කරන බව වාර්තාවනවා.
ඒ සඳහා දැනටමත් ව්‍යාපෘති යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇති අතර, තවත් කිහිපයක් සකස් කරමින් පවතින බව සඳහන්. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක පමණ මූල්‍ය සහය අපේක්ෂා කෙරෙනවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේදී ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණගැසීමට නියමිතයි. එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙරට විදේශ විනිමය සංචිත කැපී පෙනෙන ලෙස පහත වැටීමට හේතුවී ඇති ණය සේවාකරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මෙරට විදෙස් සංචිතය සියයට 70 කින් පමණ පහත වැටුණු අතර, ඒ හේතුවෙන් ආහාර, ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් සංචිත හිඟවී තිබෙනවා.
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පවත්වන සාකච්ඡාවලදී ණය ආපසු ගෙවීමේ යාන්ත්‍රණය යළි සැකසීමේ හැකියාව පිළිබඳවද ශ්‍රී ලංකාව සොයා බලනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |