මෑතක සිට කොවිඩ් ආසාදිතයින් ඉහළ යෑමට හේතුව හෙළි වෙයි..කවුරුත් නොසිතූ ඇත්තම තත්ත්වය

Covid19 symptoms Delta Omicron qurrantine
By Sewvandhi Feb 14, 2022 11:22 AM GMT
Report

පසුගිය දින කිහිපය තුළම මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සාපේක‍ෂ වර්ධනයක් දක්නට ලැබුණා.

ඊට හේතුව ලෙස සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිත නමුත් රෝග ලක‍ෂණ නොපෙන්වන පුද්ගලයින් සමාජය තුළ සැරිසැරීමයි.

ඊයේ (13) දිනයෙත් මෙරටින් නව කොවිඩ් ආසාදියින් 1150 දෙනෙක් වාර්තා වුණා. එසේම ඊයේ දිනයේ දී මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,808ක් ක්වා ඉහළ ගියේ ඊයේ දිනයේදී තහවුරු කළ කොවිඩ් මරණ 31 ත් සමඟයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වන විට කොවිඩ් මරණ සංඛ්‍යාවේද සාපේක‍ෂව වර්ධනයක් දක්නට ලැඛෙන බවයි.

මේ අතර, කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ඇතුළු කොවිඩ් එන්නත් ලබාදීම අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගෙවී ගිය කාලයට සාපේක‍ෂව එන්නත් ලබා ගැනීම කෙරෙහි ජනතාවගේ උනන්දුවක් දක්නට ලැඛෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now