බිරියට කුරිරු මරණයක් කැඳවූ කෝල් එක..
පොරවකින් පහර දී තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු අද (26) දින අලුයම නුවරඑළිය පොලිසියට භාර වී තිබේ.
මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට අයත් ඔලිපන්ට් වතු යායේ ඉහළ කොටසේ පදිංචි සුබ්රමණියම් සත්යවාණි නමැති දෙදරු මවක් වන අතර සැකකාර සැමියා සහ බිරිඳ ඊයේ රාත්රියේ (25) එකට එක්ව මත්පැන් පානය කර ඇති බවත් සැමියා විසින් බිරිඳට පවසා ඇත්තේ තමන්ට රාත්රී ආහාරය ගෙන එන ලෙසයි.
බිරිඳ ආහාර රැගෙන ඒමට ප්රමාද වීම මත සැමියා සොයා බැලිමේ දි මුළුතැන්ගෙට ගිය බිරිඳ දූරකථනයෙන් කථා කරමින් සිට ඇති බවත් ඒ ගැන දෙදෙනා අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු මරණකාරිය විසින් පළමුව සැමියාට පහර දී තිබේ.
එයට උරණ වූ සැමියා විසින් නිවසෙහි තිබූ පොරවක් රැගෙන එහි නොකැපෙන පැත්තෙන් බිරිඳගේ හිසට පහර දී ඇත.එම පහරදීමෙන් බිරිඳ මියගගොස් ඇත.
සැකකරු නුවරඑළිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |