සිය මිතුරු පෙම වෙනුවෙන් ජිවිතයෙන් සමුගත් මිතුරා..

Sri Lanka Police Crime
By krishani Aug 28, 2022 06:43 AM GMT
Report

මතුගම පින්නගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි පින්නගොඩ අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු සිය මිතුරෙකු සමග සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු, මරණකරුගේ මිතුරා සමග ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා.

එම ආරවුල විසඳීමට මරණකරු මැදිහත් වී ඇති අතර, එහිදී ආරවුලට සම්බන්ධ අනෙක් පුද්ගලයා සිදුකළ පිහි ඇනුමකින් මරණකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි මිය ගොස් ඇත්තේ.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.