පිහි ඇණුමකින් අවසන් වූ බූරු පොල.. (VIDEO)

Sri Lanka Police Sri Lanka
By krishani Jul 31, 2022 06:58 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයේ බූරු පොලක ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පිහි ඇනුමකින් අද (31) අළුයම පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ හතළිස් හැවිරිදි පුද්ගලයා මේ වනවිට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඝාතනය සිදු කල තැනැත්තා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join